ගුරුවරුන්ට එස්.එම්.එස්. පණිවුඩයක්වත් යවාගත නොහැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව්ත ඒ තුළින් ගුරුවරුන් ඉතා පහත් තත්ත්වයයකට ඇදදැමූ බවත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා අවධාරණය කරනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුරුවරුන් ගුරු දෙවිවරු ලෙස හැඳින්විය හැකි බවද දෙමාපියන්ගෙන් පසුව ගුරුහරුකම් ලබාදෙන්නේ ගුරුවරුන් බවද හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා එහිදී කියා සිටියා.
එහෙත් පසුගිය දිනක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුරුවරුන්ගේ තාක්ෂණ හැකියාව ගැන සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සී.බී. රත්නායක මහතා විසින් වැඩිදුරටත් අදහස් දැක්වූවා.
හිටපු අමාත්‍යවරයා චෝදනා කරන්නේ එම ප්‍රකාශය හරහා ගුරුවරුන් ඉතාම පහතට ඇද දැමූ බවටයි.
නව තාක්ෂණය සහ මෙවලම් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වැඩමුළු රැසක් සිදු කරමින් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යාපන අවකාශය සකස් කරදෙමින් සිටින අවස්ථාවක ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සී.බී. රත්නායක මහතා කනගාටුව පළ කර සිටියා.