නිල සංචාරයක් සඳහා චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ දිවයිනට පැමිණි මොහු අද මෙරට පැවැත්වෙන ශ්‍රී ලංකා – චීන ආර්ථික සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ 8 වන සැසිවාරයට එක් වනු ඇති.
එමෙන්ම, හෙට දිනයේදී ඔහු කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා – චීන ආයෝජන සහ ව්‍යාපාරික හමුවට ද එක්වීමට නියමිතයි.