ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට ඕනෑම උපකාරයක් කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවේ අවධාරණය කළා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත ටිල්වින් සිල්වා මහතා චීනයේ නිල සංචාරයක නිරත වනවා.
ඒ අතරතුරයි ඒ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුලු ඉහළ පෙලේ නායකයන් හමුවුයේ.
එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී මෙම හමුව සිදුවුණා.
ටිල්වින් සිල්වා මහතා එහිදි ප්‍රකාශ කළේ චීනය සහ ශ්‍රී ලංකාව එළඹි අවබෝධයෙන් කටයුතු කරන බවයි.