මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වර්ෂාධික කාලයේ මදුරු ගහනය ඉහළ යාම, ඊට හේතුවී ඇති බවයි
ඊඩ්ස් නම් මදුරු විශේෂය මගින් චිකන් ගුන්යා රෝගය ජනතාවට වැළදෙන අතර ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ
රෝගය පැතිරීම වලක්වා ගැනීම සදහා මදුරු ගහනය අවම කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා