
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී ජයග්‍රහණ 4 ක් සහ පරාජයන් 2 ක් සමඟින් ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගනිමින් සටහනේ ප්‍රථම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා. තරඟ 5 බැගින් ක්‍රීඩා කර ජයග්‍රහණ 3 බැගින් ලබා සිටින කලම්බු කැප්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා ගනිමින් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවනවා. මේ අතර තරඟ 6 බැගින් ක්‍රීඩා කර ජයග්‍රහණ 2 බැගින් ලබා සිටින සික්සර්ස් සහ රෝයල්ස් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගනිමින් සටහනේ 4 වන සහ 5 වන ස්ථානවල රැඳී සිටිනවා.














