නාගොඩ අළුත් තානායම්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක ස්වරූපයේ එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක්, එයට යොදන පතොරොම් 02 ක් හා භාවිතා කරන ලද පතොරොම් කොපු 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 23 ක් වන මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.