ග්‍රීසියේ – ෆ්‍රයි ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම භූ කම්පනය පොලෝ මට්ටමේ සිට කිලෝමීටර 78ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි.
එමෙන්ම මෙහි කම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවරට මෙන්ම ඊශ්‍රායලය, ලෙබනනය, තුර්කිය සහ ජෝර්දානය දක්වා ද දැනී තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.