
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අනූ පන් දහස්,493ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම දත්තයන්ට අනුව වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව විසි නව දහස් ,964 ක්. එමෙන්ම දිවයින පුරා මේ වන විට ඩෙංගු මරණ 72ක් වාර්තා වනවා.














