නුවරඑළිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වැසි හේතුවෙන් නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබූ එළවළු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යාම හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ එළවළු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවළු වර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
එසේම එම එළවළු වගා භූමිවලට වැලි රොන්මඩ සහ අපද්‍රව්‍ය ගලාගෙනවිත් තැන්පත්වීම නිසා එම භූමියේ සාරවත් භාවය අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එළවළු වගාව සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි පීඩාවට පත් ගොවීන් පවසන්නේ.
පවත්නා තත්ත්වය මත එළවළු කොටුවල කම්කරුවන් සේ සේවය කරමින් තම ජීව උපාය සිදුකරගෙන ගිය කම්කරුවන් විශාල පිරිසකට රැකියා අහිමි වීම නිසා එම ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.
පවත්නා තත්ත්වය මත රට තුළ එළවළු මිල විශාල ලෙස ඉහළ යා හැකි බවයි එම වෙළෙඳුන් කියා සිටියේ.
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













