සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන රුපියල් කෝටි 03ක් පමණ වටිනාකමකින් යුත් දේපළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාවිරහිත කර ඇති බව පොලිසිය පවසනවා.
විදෙස්ගතව සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද සංවිධානාත් අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ දියණියගේ නමින් මිලදීගෙන ඇති බවට සැලකෙන දේපළක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිදු කරන ලද විමර්ශනයේදී මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇතැයි සැලකෙන පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත රුපියල් කෝටි 03ක් පමණ වටිනා ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඊයේ(05) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














