වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණඩායම අතර පවතී තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා .
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදියි .
තරගයේ කාසියේ වාසිය ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගත්තා .
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ රජීව් නිර්මලසිම්හම් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.
ඊට අමතර ව සුනෙත් සම්පත් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ද සහ හිරාන් කුලරත්න පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණඩායම කඩුලු 7ක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
එහිදී සිනෙත් විතානගේ සහ ලංකා රොද්‍රිගෝ කඩුලු දෙක බැගින් ද , උදය කුමාර, රුවන් ප්‍රේමතිලක සහ හංස විජයසුන්දර කඩුල්ල බැගින් ද දවා ගත්තා.
මෙම තරගාවලිය ඉන්ටර්නැෂනල් මාර්ස්ටර්ස් ක්‍රිකට් සංසදය විසින් සංවිධානය කර තිබෙනවා .













