කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශනයන් අනුව සැකකරු පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු හට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













