කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ සවස වෙඩිතැබීමක් සිදුව තිබුණා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි වාර්තා වුනේ.
වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරීමට කටයුතු තකර තිබුණා.
තුවාලකරුවන් වයස අවුරුදු 42 හා වයස අවුරුදු 70ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.
මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.