කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමග නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා තැපැල් මඟින් මත්ද්‍රව්‍ය පාර්සලයක් එවන ලද බවට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකය විසින් මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම ජාවාරමට අනුබල දුන් නයිජිරියන් ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු නාරාහේන්පිට සහ ජාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
- ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –














