
නීතිවිරෝධීව මෙරටට කේරළ ගංජා තොගයක් රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුදු මාර්ගයෙන් ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ ගංජා තොගයකුයි මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.














