ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර 03ක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් .
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද විමර්ශනයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 51 වයස්වල පසුවන මාළිගාවත්ත හා ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
එම පුදුගලයින් දෙදෙනා කොහුවළ හා බත්තරමුල්ල ප්‍රදේශවල පිහිටි ඡායාරූප ආයතන දෙකක හිමිකරුවන් දෙදෙනෙක් බවද පොලීසිය සදහන් කළා..
මෙම සැකකරුවන් විසින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැති අයගේ ඡායාරූප වට්ස්ඇප් මගින් ලබා ගෙන එය සංස්කරණය කර විදේශ ගමන් බලපත්‍ර සැකසීම සඳහා ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ..