
කෘෂිකර්ම සහ කර්මාන්ත අංශ වල තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබාදෙන අඩු පොලී බැංකු ණය පහසුකම් ප්‍රවර්ධනය කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.














