කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.
කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළෙඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් මෙම ආනයනය සිදු කිරීමට නියමිතයි
ඉන් මෙට්‍රික්ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළම්බුනා.