කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී ටි – 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළි වී ඇති බව පොලිසිය පවසනවා.
අදාළ සැකකරු පෙරේදා පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ටි – 56 ගිනි අවියක්, එම පතොරම් 30 ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 650 ක්ද සමගින් බවයි සඳහන් වන්නේ.
අදාළ සැකකරු මෙම ගිනි අවිය වව්නියාව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත්, මෙම ගිනි අවිය තවත් පාර්ශ්වයක් වෙත ලබා දී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාව ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර ඇති බවටත්, සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරු මත, වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේදී අදාළ සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙකු සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන්.
සැකකරු වයස අවුරුදු 22 ක් වන නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.