මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ සිට කටුගස්තොට දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද(04) දින අනතුරට පත්ව ඇත ිබව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
අද(04) දින පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් ග්ලැන්කන් දික්ඔය මූලික රෝහල අසලදීයි.
නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබූ කිබ් එථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව තිබෙනවා.
කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙක් ගමන් කර ඇති බවත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් නෝටර්වුඩ් පොලිසිය පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අද(04) දින පස්වරුවේ සිට පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.