කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා.
කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 20ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටමට අඩි 30ක් දක්වා අද(03) දිනය වන විට ආසන්න වී ඇති බවයි එම ඉංජිනේරුවන් පවසා සිටියේ.
පැවැති වර්ෂාවත් සමග කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඇළ මාර්ග හරහා විශාල වශයෙන් ප්ලාස්ටික් පොලිතිස් ඇතුළු ඝණ අපද්‍රව්‍යයත්, ඉවතලන දැඩි තෙල් විශාල ප්‍රමාණයක් කාසල්රී ජලාශය තුළ ගලාගෙන විත් තැන්පත් වී ඇති අයුරු දක්නට ලැබෙන බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියෝන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාරවල ඉංජිනේරුවන් පවසනවා.