Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්ෂේත්‍ර කිහිපයක විසඳුම් සෙවීමට අනු කමිටු ත්‍රිත්වයක් පත් කරයි

    ක්ෂේත්‍ර කිහිපයක විසඳුම් සෙවීමට අනු කමිටු ත්‍රිත්වයක් පත් කරයි

    2025-01-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කර තිබෙනවා.

    මෙසේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරුණේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායකගේ සභාපතිත්වයෙන් මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

    දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු සැසිවාරයේ ප්‍රථම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඒ අනුව, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන අය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 60ක සහ අදාළ රාජ්‍ය ආයතනයන්හී නිලධාරින් 40ක පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

    මේ අනුව, ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එක් අනුකමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් විතාන, දිනිදු සමන් සහ දේවානන්ද සුරවීර යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කර තිබෙනවා.

    ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා තවත් අනුකමිටුවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ සභාපතීත්වයෙන් සහ සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වයෙනුයි පත් කිරීමට තීරණය වී ඇත්තේ.

    ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය හරහා ආදායම් ජනනය කිරීම අරමුණු කරගනිමින් අනෙක් අනුකමිටුව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ සභාපතීතීත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර සහ ධනුෂ්ක රංගනාත් යන අයගේ සාමාජිකත්වයෙන් පත්කර තිබෙනවා.

    පාර්ලිමේන්තු සභා ගර්භයේ කෙසේ වුව ද, මෙම කාරක සභාවන් තුළ පාට පක්ෂ භේද නොමැති බවත්, සියලු මන්ත්‍රීවරයන්ගේ සහයෝගය ඇතිව පවත්නා ගැටලු හඳුනා ගැනීමත්, ඒ වෙනුවෙන් විසදුම් සෙවීමත් එක්ව සිදු කළ යුතු බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.

    ඒ අනුව, ඊට අදාළව කටයුතු කළ හැකි, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියන, අනු කමිටු ත්‍රිත්වයක් පත් කිරීමට එතුමා මෙහිදී යෝජනා කරනු ලැබූ අතර, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු කේෂ්ත්‍රයේ නියුතු සේවකයන්ගේ අයතීන්, ගැටලු සහ ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කළ යුතු බවට මෙහිදී අවධාරණය කර තිබෙනවා.

    මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ පවත්නා පුරප්පාඩු ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් කරුණු කාරණා මතු කරනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් ගත හැකි ප්‍රයෝගික ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තුළ සලකා බැලුවා.

    එමෙන්ම, අබාධිත පුද්ගලයන් සඳහා පවත්නා පහසුකම් වලට අමතරව තවදුරටත් පහසුකම් සැලසීමට ඉදිරියේදී කටයුතු සලසන බවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළා

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට තද වැසි
    ඊළඟ පුව​ත මෝදරින් පරිභෝජනයට නුසුදුසු පාන්පිටි තොගයක් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group