කතරගම පෙරහැරට සමගාමීව එම නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මුල් කර ගනිමින්. මෙම ව්‍යාපෘතිය ජූලි මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මෙම වැඩසටහන සදහා පාසල් සිසුන් සහ ස්වේච්ඡා සංගම්වල දායකත්වය ලබා ගැනීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලය, කිරි වෙහෙර පුදබිම, සෙල්ල කතරගම සහ වැඩසිටි කන්ද මුල් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ පළමු පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුභ මෙහොතින් වීථි සංචාරය කරනු ලැබුවා. පෙරහැර මංගල්ලයේ දෙවන පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













