මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම හමුව පැවති බව සඳහන්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා
එමෙන්ම දෙරට අතර පවතින දීර්ඝ කාලික ද්විපාර්ශික සබඳතා මෙහිදී අවධාරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ
ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් කලාපීය ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳවද ඔවුන් එහිදී අදහස් හුවමරු කරගෙන තිබෙනවා
ආරක්ෂක කටයුතුවලදී ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදි මෙරටට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන බවද මහකොමසාරිස්වරයා එහිදි අවධාරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.