නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිගය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් ඒකකයේ සැත්කම් කර ගෙන යෑමට මහත් බාධාවක් පැමිණ ඇති බව වාර්තා වනවා.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කොටස් දෙකකින් සමන්විත මෙම ඒකකයේ සේවය කරනුයේ එක් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් බවයි.
මේ හේතුවෙන් විශේෂ ඝනයේ සැත්කම් සීමා කර ඇති බව සඳහන්.
බයිපාස් සැත්කම් සඳහා වසර ගණනාවක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් ලියා පදිංචි වී ඇති අතර පවතින තත්වය හමුවේ රෝගීන් පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
(මුල්කිරිගල හඳුගල ගුණරත්න)
උණුසුම් පුවත්
- හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
- ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
- සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
- ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
- අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
- දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
- හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර