පෙනහලු ආසාදනයක් සහ ශ්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වන විට අකර්මන්‍ය වී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය සදහන් කළේ, සිදු කළ රුධිර පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසුව වකුගඩුවල ක්‍රියාකාරීත්වය යම්තාක් දුරකට අඩු වී ඇතැයි උන්වහන්සේට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් පවසා ඇති බවයි.
මේ අතර, කතෝලික සභාව ලොව පුරා සියලු කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා ඇත්තේ, ෆ්‍රැන්සිස් පාප්වහන්සේට සුවය පතා යාච්ඤා කරන ලෙසයි