ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර ඇති බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇති.
මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතයි.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.
උණුසුම් පුවත්
- යතුරු පැදිය කැබ් රථයක ගැටීමෙන් ඊශ්‍රායල ජාතිකයාට බරපතලයි
- මේක ඉතිහාසගත වැටුප් වැඩිවීමක්
- කාලගුණයෙන් අනාවැකියක්
- වෑන් ලොරි ගැටී සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරයෙකුට තුවාල
- නුගේගොඩ රැළිය ගැන විමල්ගෙන් නිවේදනයක්
- පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
- වසර 100කටත් වඩා පැරණි බගවන්තලාව තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට පියවර
- සිරිපා වන්දනා සමයේදී වනජීවියට දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක ආදායමක්













