බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා.
හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෑන් රථයක් නතර කර පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ ඖෂධ බවට අනුමාන කළ හැකි පෙති අඩංගු ඇසුරුම් 64ක් සොයා ගැණුනා.
එම වෑන් රථයේ සිටි කාන්තාවට එම ඖෂධ සම්බන්ධයෙන් නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකිවීම මත කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
සැකකාරිය අවුරුදු 29ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.