වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ඕස්ටේ්‍රලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර නගරයේ ෑඨ් ඪසි් ක්‍දබිමකඒබජහ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් ඕස්ටේ්‍රලියාවේ රැකියා ලබාදෙන බව පවසා ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ අනුව කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් අදාළ ආයතනය ඊයේ දින (12) වැටලීම් කරන ලද අතර, එහිදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති ආයතනයක් බව හෙළිව තිබෙනවා.
මෙම වංචනික ආයතනය පවත්වාගෙන ගිය ගම්පොල හා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එහිදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7ක්, විදේශ ගමන් බලපත්‍ර 5ක්, මුදල් කුවිතාන්සි පොත් ද නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් මාරසිංහ හා කාර්යාංශ මහනුවර පළාත් කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකුද සහභාගී වූ බවයි විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසන්නේ.














