ඊයේ මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ගත්තා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහළොවකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් දෙසිය අසූ නවයක් වනවා. එමෙන්ම ඔක්ටේන් අනු දෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දොළහකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් තුන්සිය පහක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් හතකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් එකසිය අසූ පහක් වනවා. මිට අමතරව ඔක්ටේන් අනු පහ වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ. මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සාපේක්ෂව එම ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් වෙනස් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














