ඊශ්‍රායලයේ ලෝරා බැලස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම සදහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලය තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක උපකරණ නිෂ්පාදනයෙන් සියයට 34 ක් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර ආරක්ෂක, තාක්ෂණික සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියේදී ද අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරන බව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
- මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
- උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
- වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්













