ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීම හේතුවෙන්.
ඒ අනුව පිරිමි සහ කාන්තා කාණ්ඩවල කණ්ඩායම් හය බැගින් තීරණය කරනු ලබන්නේ එක් එක් මහාද්වීපයෙන් ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ගන්නා කණ්ඩායම් මත පදනම්ව බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.
වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියානු කලාපයෙන් ඉන්දියාවත්, යුරෝපයෙන් එංගලන්තයත්, ඇමරිකානු කලාපයෙන් ඇමරිකාව හෝ කැරිබියන් දූපත් කණ්ඩායමත් මේ සඳහා සුදුසුකම් ලබනු ඇති බවටයි වාර්තා වන්නේ