ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව තරගාවලි සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.
මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩයින් ක්‍රීඩා කර තිබුණා.
එයට හේතුව වන්නේ ඉන්දිය සංචිත ගත හෝ ෂඡඛ සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කිසිදු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්‍රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර ලබානොදීම හේතුවෙන්.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතයි.
විස්සයි 20 තරගාවලි රටාවේ ලීග් තරග 20 ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4 ක් ඇතුළුව මුළු තරග 24 ක් ඇතුළත් වනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයන් වලදී පැවැත්වෙනු ඇති.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














