එයිඩා ස්ටෙලා නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට ළගා වූ මෙම නෞකාව අද උදෑසනයි කොළඹ වරායට පැමිණ තිබුණා.
මෙම නෞකාව මගීන් 2,022 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 628 දෙනෙකුගෙන් සමන්විත වනවා.
ඔස්ටේරලියාව, බ්‍රසීලය, කැනඩාව, බෙල්ජියම ඇතුලු රටවල් 30 කට ආසන්න සංචාරකයින් එහි පැමිණ තිබෙනවා.
මෙම සංචාරකයින් කොළඹ, පින්නවල, මහනුවර සහ මීගමුව යන සංචාරක ගමනාන්ත අද දිනයේදී නරඹනු ලැබුවා.
එයිඩා ස්ටෙලා නෞකාව අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.