
මෙරට බටහරි මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය පිළිබදව රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ අමාත්‍ය ක්‍රිෂානත අබේසේන මහතාගේ සම සහාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවත් වූ කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රජයට පවරා ගත් කතෝලික පාසල් වල පරිපාලන ගැටලු සහ ගුරු කාර්යය මණ්ඩලය සම්බන්ධ ගැටළුවල වත්මන් ප්‍රගතිය විමසා බැලීමද මෙහිදී සිදු කළ බවයි. එමෙන්ම රජයට පවරා ගත් පාසල වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.














