සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් හිමිවුණා.
මේ අතර 2026 ලෝක කුසලානය අද පෙරවරු 10.00 ට කොළඹ 5 හැව්ලොක් සාප්පු සංකීර්ණයේදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරුණා.
එහිදී ක්‍රිකට් ලෝලීන්ට ලෝක කුසලානය සමග ඡායාරූප ගැනීමේ අවස්ථාවක් ද ලැබෙනු ඇති.










