අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කලේ
ඒ අනුව ජංගම සංචාර හා රාත්‍රී සංචාර යොදවා එම මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
එම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබා ගනු ඇති.










