උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා.
උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 0.3 බැගින්ද අනෙක් වාන් දොරටු දෙක මීටර් 0.2 බැගින්ද විවෘත කර තිබෙනවා.
මෙම නිසා පහළ ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුවත් කර සිටිනවා.
යල කන්නයට මහවැලි සී කලාපයේ සඳහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරීම අවසන් වී ඇති බැවින් ජලාශයේ අත්‍යවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් සඳහා ජල මට්ටම අඩු කර ගැනීමට මෙලෙස වාන් දොරටු විවෘත කර තිබෙනවා.
එම නිසි ගිරාඳුරුකෝට්ට රත්කිඳ මාර්ගයේ කෝසුව භාවිතා කිරීමට බාධාවක් නොවන බවද එහි කාර්ය භාර නිලධාරීවරයා කියා සිටියා.