අදදින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 ජූනි මාසය සඳහා -0.6% ක්.
එය 2025 මැයි මාසය සඳහා -0.7% ක් ලෙස වාර්තා වුණා.
2025 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 4.3% දක්වා අඩු වී ඇති අතර 2025 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 5.2% ක් ලෙසයි.
එමෙන්ම, 2025 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -2.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 මැයි මාසයේ දී -3.3% ක් ලෙස වාර්තා වී තිබෙනවා.