උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අදාළ ස්ථානීය පරීක්ෂාව හා ආයතන අතර එකඟත්වය ඇති කර ගෙන තිබෙනවා.
අනුරාධපුර නගරයේ ඉදිකිරීමට යෝජිත උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා ඉඩම් පරික්ෂාව හා ආයතන අතර එකඟත්වයක් ඇති කර ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වුණා.
කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක, මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න, සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
කඩිනමින් අදාළ ආයතන අතර සහයෝගීතාවක් ගොඩනැගීමයි මෙම චාරිකාවේ අරමුණ වී ඇත්තේ.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඉදිරියේදි මෙම කාර්ය සඳහා පරිහරණයට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
අනුරාධපුර දුම්රිය ස්ථානය හා උතුරු බහුවිධ මධ්‍යස්ථානය ඒකාබද්ධ කිරීමත් මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදු වනවා.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














