උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අදාළ ස්ථානීය පරීක්ෂාව හා ආයතන අතර එකඟත්වය ඇති කර ගෙන තිබෙනවා.
අනුරාධපුර නගරයේ ඉදිකිරීමට යෝජිත උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා ඉඩම් පරික්ෂාව හා ආයතන අතර එකඟත්වයක් ඇති කර ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වුණා.
කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක, මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න, සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
කඩිනමින් අදාළ ආයතන අතර සහයෝගීතාවක් ගොඩනැගීමයි මෙම චාරිකාවේ අරමුණ වී ඇත්තේ.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඉදිරියේදි මෙම කාර්ය සඳහා පරිහරණයට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.
අනුරාධපුර දුම්රිය ස්ථානය හා උතුරු බහුවිධ මධ්‍යස්ථානය ඒකාබද්ධ කිරීමත් මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදු වනවා.
උණුසුම් පුවත්
- ජනාධිපතිගෙන් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඉල්ලීමක්
- ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
- චිලී ජනාධිපතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් නැහැ – දෙවන වටය දෙසැම්බරයේදී
- ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයාගනී
- දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
- මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් ජිවිතක්ෂයට
- සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අද අමෙරිකාවට
- බෙන්තොට වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි












