උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග
මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග
කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත් සභාවේ සහයෝගය ද සහිතව සංවර්ධනය කිරීම සැලසුමයිග
මන්නාරම රෝහල් කිහිපයක් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමග පවතින ගැටලු පිළිබදව ද සාකච්ඡා කළාග
රෝහල්වල ඇති භෞතික මෙන්ම මානව සම්පත් හිඟය පිළිබඳව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා දැනුවත් කළාග
ඊට කඩිනම් විසඳුම් ලබාදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේග
උතුරු පළාතේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ක්‍රියාත්මක යාන්ත්‍රණය පිළිබදවද අමාත්‍යවරයා සොයා බැලුවාග