කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුගේ ගෝලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 15ත් පමණ වටිනා හෙරොයින් ද සොයාගෙන තිබෙනවා.
සැකකරු කළුතර, මතුගම, පානදුර, පයාගල, බේරුවල සහ මතුගම ආදී ප්‍රදේශ රැසකටම ඊසී කෑෂ් ක්‍රමය යොදා ගනිමින් හෙරොයින් බෙදාහැරීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කළුතර පලාතොට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සමග ත්‍රීරෝද රථයක් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉිදරිපත් කිරීමට නියමිතයි.