ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.
තවත් ස්ථාන කිහිපයකට ඊශ්‍රායල ගුවන් ,ඩ්‍රෝන සහ කාලතුවක්කු ප්‍රහාර මෙලෙස එල්ල වී ඇති අතර මුදාගැනීමේ සහන කණ්ඩායම්වල කිහිප දෙනෙකු ද ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව සදහන්.
ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාමය දරුණු ලෙසම උල්ලංඝණය කළ අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.











