ඉරානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල පසුගිය මාසයේදී එල්ලකළ ප්‍රහාරයන් අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ජුනි මස 16 වෙනිදා ටෙහෙරානයේ භූගත අධි ආරක්ෂිත මධ්‍යස්ථානයක ඇතුල්වීමේ ස්ථානය අසළට බෝම්බ ප්‍රහාර 6ක් එල්ල වූණා.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙස්කියන් උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ විශේෂ සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාර එල්ලවන අවස්ථාවේ සහභාගී වී සිටි අතර එහිදී ඔහු තුවාල ලැබූ බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත්තේ.
බෝම්බ ප්‍රහාරයෙන් ඉරාන ජනාධිපතිවරයාගේ පාදයකට සුළු තුවාල සිදුව ඇති බවද සඳහන්.