ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්කරමින් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද, ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට













