තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, අද සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අද සිට එහි සේවා සැපයීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
ආරක්ෂක හේතූන් මත, පසුගිය 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණා .