මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් සමඟ ඉන්දීය ධීවරයන් 35 නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා .
ඒ වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි,
ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු මඟින්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා මෙම වැටලීම් සිදු කරනු ලබනවා .
මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි .











