රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 130 බර කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ – චෙන්නායි නුවර සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.
වෘත්තියෙන් රියදුරෙකු වන ඔහු 38 හැවිරිදි වියේ පසුවන අයෙක්. ඊයේ රාත්‍රීයේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.124 දරණ යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සකස් කර, එහි මෙම කුෂ් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි වාර්තා වුණේ.