ඉන්දියාවේ – චත්තිස්ගාර් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශවලදී ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇති වූ වෙඩි හුවමාරුවලදී ඉන්දීය කොමාන්ඩෝ භටයින් දෙදෙනෙකු ද මියගොස් ඇති බවයි.
කැරලිකරුවන් සතුව තිබූ අවි ආයුධ කිහිපයක් ද ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.