වයස 19න් පහළ ටෙස්ට් තරග බිමේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ වයිබව් සූර්යවංශි ඊයේ සමත් වුනා.
ඒ පන්දු 100කට අඩුවෙන් ශතක 2ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්.
ඔිස්ටේරිලියාවේ බි්‍රස්බේන්හි පැවැත්වෙන ඔස්ටේරිලියානු යොවුන් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව පිහිටුවීමට සමත්වුනා.
එම තරගයේ ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් සූර්යවංශි පන්දු 86කින් ලකුණු 113ක් රැස්කළ අතර, එම ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 9ක් ඇතුළත් .
අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතක අතරට මෙම ඉනිම් දෙක එක්වීම මෙම වාර්තාවේ ඇති විශේෂත්වයක් වනවා.